ඩොමේන් යූසර්ස්ලගෙ පාස්වර්ඩ් රීසෙට් කරමු..
මේක ගොඩක් වැදගත් වෙන්නෙ ෆීල්ඩ් එකෙ ඉන්න අයියලට මොකද හදිසියෙ කවුරුහරි යූසර් අකවුන්ට් එකක පාස්වර්ඩ් එක රීසෙට් කරල දෙන්න කිවුවම හරි පාස්වර්ඩ් එක එක්ස්පයර් වෙලා හරි තිබ්බම හරි එක්කො DC එකට ලොග් වෙලා ඇක්ටිව් ඩිරෙක්ට්‍රි යූසර්ස් ගිහින් යූසර්ව හොයාගෙන බ්ලා බ්ලා බ්ලා.. නෙ. ඉතින් ඕකට ටිකක් වෙලාව ගතවෙන හින්ද ඒ වැඩේම ඊට වැඩිය ලේසියෙන් ඉක්මනට කරගන්න පුලුවන් විදියක් තමයි මේක. මේ සොෆ්ට්වෙයාර් එකේ නම, AD ACCOUNT RESET TOOL. අපි ලොග් වෙලා ඉන්නෙ ඩොමේන් ඇඩ්මින් අකවුන්ට් එකෙන් නම් යූසර්ව සිලෙක්ට් කරල රීසෙට් ඔප්ෂන් වලින් ඕන එක සිලෙක්ට් කරල රීසෙට් බටන් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නෙ. එහෙම නැත්නම් Domain කියන තැනට ගිහින් ඩොමේන් එකෙ ඩීටෙල්ස් දෙන්න ඕනෙ. මේකෙ සයිස් එක මෙගාබයිට් දෙකක්වත් නෑ.. මෙන්න ලින්ක් එක ඩිවෙලොපර්ගෙම සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.. Download > සැ.යු. මේක වැඩ කරන්න නම් .Net V4 ඕනෙ වෙනවා.